Man Kirilliyak Song Lyrics - මං කිරිල්ලියක් ගීතයේ පද පෙළ

Man Kirilliyak Song Lyrics - මං කිරිල්ලියක් ගීතයේ පද පෙළ
Song Title : Man Kirilliyak (මං කිරිල්ලියක්)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහින්ද බණ්ඩාර


මට කිරිල්ලියක් වෙන්න ඇත්නම්
නිදහසේ ඉගිල්ලෙන්න
හිතෙන හිතෙන තැන්වල නවතින්න
ඒත්
මං . . මේ මං . . . මං කිරිල්ලියක්
මං කිරිල්ලියක්
මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ //

මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ //

නිල් අහස අයිති අපටයි (අහස අයිති අපටයි)
ඔව් අත්තටු ඇති අයටයි (තටු ඇති අයටයි)
මේ ගමන අළුත් ලොවටයි
වැට කඩුළු ලෑම නිවටයි
වැට කඩුළු ලෑම නිවටයි

මං කිරිල්ලියක් තමයි
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ //

ගඟ ගලන්නෙ සමුදුරටයි
ඔව් බාධක නම් එමටයි
තටු ලැබෙන්නෙ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි
තටු කපන්නේ බැරි කමටයි

මං කිරිල්ලියක් තමයි
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment