Igilenna Thahanam Nam Song Lyrics - ඉගිලෙන්න තහනම් නම් ගීතයේ පද පෙළ

Igilenna Thahanam Nam Song Lyrics - ඉගිලෙන්න තහනම් නම් ගීතයේ පද පෙළ
Song Title : Igilenna Thahanam Nam (ඉගිලෙන්න තහනම් නම්)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : චන්න ජයනාත්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌ //

පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක්‌ ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්

හැමදාම මල් පෙති ළං කළත්
දැනුනේම නෑ සුවඳැති බවක්‌
නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌
සාධාරණයි අපි වෙන් කළත්
සාධාරණයි අපි වෙන් කළත්

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment