Madhu Chandra Yame Song Lyrics - මධු චන්ද්‍ර යාමේ ගීතයේ පද පෙළ

Madhu Chandra Yame Song Lyrics - මධු චන්ද්‍ර යාමේ ගීතයේ පද පෙළ
Song Title : Madhu Chandra Yame (මධු චන්ද්‍ර යාමේ)
ගායනය : කසුන් කල්හාර
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ
කුස පබා සිනමා සයනයේ වෑහුණු අනුරාගී ගී රාවයකි.


මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

වරල සිකිපිල් සෙමෙර සළමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින් නිති සරසා
පි‍්‍රයයාණ හදවත තුනු සිරින් සදනු

දෙතොල මී විත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනූ

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

ආ.. අඅ ආ...අආ.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment