Hewawnalida Ikibidi Song Lyrics - හෙවණැලිද ඉකිබිඳී ගීතයේ පද පෙළ

Hewawnalida Ikibidi Song Lyrics - හෙවණැලිද ඉකිබිඳී ගීතයේ පද පෙළ
Song Title : Hewawnalida Ikibidi (හෙවණැලිද ඉකිබිඳී)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ස්ටැන්ලි පීරිස්


හෙවණැලිද ඉකිබිඳී ඝණ අඳුරේ
ගහ කොළද පණ අදී බිම වැතිරේ
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්

ගිරි හිසින් උදාවූ මධු සඳ බැසයයි
වන හිසින් නැගී ආ පිළිරැව් වියැකෙයි
මුනින්තලාවී සුධවල යහනත
තැවෙන්නී ඈ
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්

හෙවණැලිද ඉකිබිඳී ඝණ අඳුරේ
ගහ කොළද පණ අදී බිම වැතිරේ
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්

කුළුඳුලේ පිපී ආ මධු මල මැලවෙයි
දොළ දිගේ ගලා ආ දියවැල බොරවෙයි 
පිදූ පාපයෙන් හද සැළමුතු පෙම
තැවෙන්නී ඈ
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්

හෙවණැලිද ඉකිබිඳී ඝණ අඳුරේ
ගහ කොළද පණ අදී බිම වැතිරේ
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්
ආලයේ නාමෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment