Hangum Mathu Wee Song Lyrics - හැඟුම් මතුවී ගීතයේ පද පෙළ

Hangum Mathu Wee Song Lyrics - හැඟුම් මතුවී ගීතයේ පද පෙළ
Song Title : Hangum Mathu Wee (හැඟුම් මතුවී)
ගායනය : කසුන් කල්හාර


හැඟුම් මතුවී ඇවිලේ රහසේ
සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ
සිතුවිලි මුමුනා කීව දේ දැනුනා
ඔබේ ළමැදේ සුව යහනේ
නවතින්න හද කොඳුරයි

සරා සඳ ලෙසින් පායන්න
ඇඟිලි තුඩින් රැය පුබුදන්න
දෙනෙතින් සරාගී බැල්මකින් මත්වී
ආදරෙන් ළංවී

හැඟුම් මතුවී ඇවිලේ රහසේ
සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ
සිතුවිලි මුමුනා කීව දේ දැනුනා
ඔබේ ළමැදේ සුව යහනේ
නවතින්න හද කොඳුරයි

දෙතොල් පෙති සෙමින් සිප ගන්න
සුසුම් වරලසේ හංගන්න
ගිනි දැල් ගත දිගේ
ඔබෙ පහසින් නිවේ
සෙනෙහස ඉතිරිවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment