Aganthuka Adaraye Song Lyrics - ආගන්තුක ආදරයේ ගීතයේ පද පෙළ

Aganthuka Adaraye Song Lyrics - ආගන්තුක ආදරයේ ගීතයේ පද පෙළ
Song Title : Aganthuka Adaraye (ආගන්තුක ආදරයේ)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : කුසුම් පීරිස්
තනුව : මෝහන් රාජ්


ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
ඔබේ හිනා මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රඳවන්නට
කතා කලා ඔබෙ සෙනෙහස
සිහිනයෙන් වගේ
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ

සංසාරෙන් සංසාරේ
සලිත නොවූ සිත් අතරේ
ජීවිතයම පුද දෙන්නට
ප්‍රාර්ථනා පැතුවේ
හසරැල්ලට සමු දෙන්නට
කඳුළක නෙත නවතන්නට
අකාරුණික ඔබෙ සිතට
ඇයි ඉඩ දුන්නේ

ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ

හිරු සඳු ලෙස
අහස් ගැබේ
හමුවීමට හිමි වන්නේ
ඔබ කීව කතා අතීතයට
සැඟවීලා යන්නේ
සදාතනික කඳුළැල්ලට
අනාත වූ සැනසිල්ලට
ඉතිරි මතක මිහිරි
පවන් සලාවී

ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ
ඔබේ සිනා මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රඳවන්නට
කථා කලා ඔබෙ සෙනෙහස
සිහිනයෙන් වගේ
ආගන්තුක ආදරයේ
ලලිත මිහිරියි මතක ඉමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment