මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro)

මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro) - Your Choice Way

මඤ්ඤොක්කා වලින් රසම රස කෑමක් අදත් ගෙනාවා 😍😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 2ක්
  • පොල් කෝප්ප 1ක්
  • ලුනු කුඩු ස්වල්පයක් 
  • බැදීම සඳහා තෙල්
🌼 පැණි පොල් සඳහා :
  • පොල් කෝප්ප  1ක්
  • රස අනුව සීනි (කෝප්ප 1/2ක් පමණ)
  • එනසාල් 

✅ සාදා ගන්නා ආකාරය :

පැණි පොල් සෑදීම ;
  • ✴️ භාජනයක් ලිප තබා සීනි ටික දමන්න.
  • ✴️ වතුර මේස හැඳි 3ක් පමණ දමා සීනි දිය කරන්න.
  • ✴️ සීනි උනුවන විට පොල් දමා මද ගින්නේ මලවා ගන්න.
  • ✴️ ලිපෙන් ඉවතට ගැනීමට පෙර එනසාල් කුඩු ස්වල්පයක් එක් කරන්න.

මිස්රෝ සාදන ක්‍රමය :
  1. ✴️ පොතු හැර සෝදා ගත් මඤ්ඤොක්කා ග්‍රේටරයකින් සිහින්ව ගා ගන්න.
  2. ✴️ මඤ්ඤොක්කා වල වැඩි දියර ගතිය මිරිකා ඉවත් කරන්න.
  3. ✴️ මඤ්ඤොක්කා වලට පොල් හා ලුනු කුඩු මිශ්‍ර කරන්න.
  4. ✴️ කුඩා ප්‍රමාණයේ බෝල සාදා අල්ල මත තබා තුනීකර ඒ මැදට පැණි පොල් ස්වල්පයක් තබා බෝල කර ගන්න.
  5. ✴️ රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බදින්න.

✴️💚✴️💚  ගොඩාක්  රසයි , ඔයාලත්  හදලා රස කියන්න  😍😍😍 💚✴️💚✴️

හෙළයේ රස මිහිර
මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment