Siyothun Uthurin Mehi Ena Piyaba Song Lyrics - සියොතුනේ උතුරින් මෙහි එන පියඹා ගීතයේ පද පෙළ

Siyothun Uthurin Mehi Ena Piyaba Song Lyrics - සියොතුනේ උතුරින් මෙහි එන පියඹා ගීතයේ පද පෙළ
Song Title : Siyothun Uthurin Mehi Ena Piyaba (සියොතුනේ උතුරින් මෙහි එන පියඹා)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : මෝහන් රාජ්


සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියොතුනේ දකුණින් එහි යන පියඹා
උතුරේ දිනු ගම් පීරා
දකුණේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ

සියොතුනේ දකුණින් මෙහි එන පියඹා
සියොතුනේ උතුරින් එහි යන පියඹා
දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ

සියොතුනේ උතුරින් මෙහි එන පියඹා

මිනිසුනේ දෑ කුළගොත් යදමින් අප රිදවනා
ඔබගේ මුගුරින් තව බැඳුනේ අප සිත් සෑමදා //

පෙම් හැඟුම් දෝතින් ගෙන ආ
මනු දහම් සේ හිසලා
ආදරයේ තතු කියමී ඒ ඔබ හා

සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියොතුනේ දකුණින් එහි යන පියඹා

දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ
සියොතුනේ උතුරින් මෙහි එන පියඹා

කිසි දිනේ ඔබ නොහෙලූ කඳුළින් මා නළලතේ
ඔබගේ දෑතින් ආදරයේ තිලකය අන්දවා //

පටු හැඟුම් මේ කුළු සිඳ දා
තටු සලා දුර පියඹා
ආදරයේ තතු කියමී ඒ ඔබ හා

සියොතුනේ දකුණින් මෙහි එන පියඹා
සියොතුනේ උතුරින් එහි යන පියඹා
උතුරේ දිනු ගම් පීරා
දකුණේ උන් හා
අහසේ
අහසේ
අහසේ
හමුවන තැන කොතැනේ

සියොතුනේ දකුණින් මෙහි එන පියඹා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment