Udangu Liyan Gotha Bandina Song Lyrics - උඬඟු ලියන් ගොතා බඳින ගීතයේ පද පෙළ

Udangu Liyan GOtha Bandina Song Lyrics - උඬඟු ලියන් ගොතා බඳින ගීතයේ පද පෙළ
Song Title : Udangu Liyan GOtha Bandina (උඬඟු ලියන් ගොතා බඳින)
ගායනය : විශාරද නන්දා මාලිනී
සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : ඩෝල්ටන් අල්විස්


උඬගු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ //

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත
සුවඳ හලන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඬගු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් //
රණවිරුවකුගේ අවසන් ගමනට //
යන මහජනතා පා දූවිල්ලෙන් //
තැලී වෙලී සැනහී මියයන්නෙම්

මගේ පරම පැතුම එයයි ///
එමගට මා විසි කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment