Thaththa Wage Song Lyrics - තාත්තා වගේ ගීතයේ පද පෙළ

Thaththa Wage Song Lyrics - තාත්තා වගේ ගීතයේ පද පෙළ
Song Title : Thaththa Wage (තාත්තා වගේ)
ගායනය : හර්ෂන දිසානායක
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර
ගී පද : ජයතිලක දිසානායක


තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ

මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා ඇරලා
පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහදුක් විදලා
අප සැප බැලුවෙ නුඹෙ කුස ගිනි නිවලා

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ //

බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaththa Wage Song Lyrics - තාත්තා වගේ ගීතයේ පද පෙළ Thaththa Wage Song Lyrics - තාත්තා වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment