Tharuda Nidana Maha Raa Song Lyrics - තරුද නිදන මහ රෑ ගීතයේ පද පෙළ

Tharuda Nidana Maha Raa Song Lyrics - තරුද නිදන මහ රෑ ගීතයේ පද පෙළ
Song Title : Tharuda Nidana Maha Raa (තරුද නිදන මහ රෑ)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න


තරුද නිදන මහ රෑ
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ //

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්

තරුද නිදන මහ රෑ
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුණු කුසුම්

තරුද නිදන මහ රෑ
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment