Sande Kaluwara Song Lyrics - සැදෑ කළුවර ගීතයේ පද පෙළ

Sande Kaluwara Song Lyrics - සැදෑ කළුවර ගීතයේ පද පෙළ
Song Title : Sande Kaluwara (සැදෑ කළුවර)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : මඩවල එස්. රත්නායක
සංගීතය : නන්දා මාලිනී


සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා...ආ...

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා...ආ...

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා //

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා...ආ....

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment