Suwisi Waramin Song Lyrics - සූවිසි වරමින් ගීතයේ පද පෙළ

Suwisi Waramin Song Lyrics - සූවිසි වරමින් ගීතයේ පද පෙළ
Song Title : Suwisi Waramin (සූවිසි වරමින්)
ගායනය : සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සූවිසි වරමින්
දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඬල වැසී
නිවී පහන් වේවා //
දිනේවා මව් බිම ශ්‍රී ලංකා

ලෝ සතුන් නිතින අතිනතින් වෙලී
හදවතින් බැඳී යේවා
දෙව් බඹුන් ලෙසින අගහිඟෙන් මිදී
නෙක ඉසුරු උදාවේවා

සූවිසි වරමින්
දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඬල වැසී
නිවී පහන් වේවා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා

සත් ගුණෙන් පෙඟී මෙත් හැඟුම් පිරී
නව ලොවක් උදාවේවා
උපනුපන් භවේ හදවතින් බැඳී
හෙළ බිමේ ජනිත වේවා

සූවිසි වරමින්
දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඬල වැසී
නිවී පහන් වේවා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment