සීනි දැවටූ කොස් මදුළු හදමු (Jackfruit Pulp With Sugar)

සීනි දැවටූ කොස් මදුළු හදමු (Jackfruit Pulp With Sugar) - Your Choice Way

ඔන්න අදත් මං ඔයාලට තවත් කොස් වලින් හදා ගන්න පුළුවන් රසවත් ආහාරයක් අරන් ආවා. 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 හොඳින් පැසුනු කොස් මදුළු 20 ක් පමණ
  • 🍂 සීනි කෝප්ප 1 ක්
  • 🍂 වතුර කෝප්ප 1/2 ක් පමණ
  • 🍂 වැනිලා ස්වල්පයක් 
  • 🍂 ලුණු පිංචක්
  • 🍂 අවශ්‍ය පමණ තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌳 ඇට ඉවත් කරගත් කොස් මදුළු, දිග අතට  සිහින්ව කපා ගන්න.
  2. 🌳 කපාගත් කොස් මදුළු ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  3. 🌳 පසුව වෙනත් භාජනයක් ගෙන එයට සීනි, ලුණු සහ වතුර එකතු කර උතුරවා ගන්න.
  4. 🌳 වැනිලා ස්වල්පයක් එකතු කර ඉටි පදමට එනතුරු උතුරවා ගන්න.
  5. 🌳 දැන් ලිපේ ගින්දර අඩුකර බැදගත් කොස් මදුළු එයට දමා පැණි දවටා ගන්න.පැණි වියලී සීනි පදමට එනවිට ලිපෙන් ඉවතට ගන්න.
  6. 🌳 හොඳින් නිවුණු පසු සුලං නොවදින ලෙස අසුරා තබන්න .
සැකසුම: © නදීෂා ගමගේ හෙළයේ රස මිහිර
සීනි දැවටූ කොස් මදුළු හදමු (Jackfruit Pulp With Sugar) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment