Nidukanane Song Lyrics - නිදුකාණනේ ගීතයේ පද පෙළ

Nidukanane Song Lyrics - නිදුකාණනේ ගීතයේ පද පෙළ
Song Title : Nidukanane (නිදුකාණනේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1988 දී “මල් වට්ටියක්” කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 2001 දී “නෑසෙන ගී රස 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


නිදුකාණනේ
නිදුකාණනේ

යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ //

සිතෙන් සිතක රඳනා කෝප ගිණි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විෂ
උනුන් නසාලන අසිරි බලන්නට
උනුන් නසාලන අසිරි බලන්නට

යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

නෙතින් නෙතක ගැටෙනා රාග සිත
ලෙවන් වෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිණි
දයා දියෙන් සනහා නිවන්නට
දයා දියෙන් සනහා නිවන්නට

කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment