Sithala Diya Piri Sunila Wilayi Song Lyrics - සීතල දිය පිරි සුනිල විලයි ගීතයේ පද පෙළ

Sithala Diya Piri Sunila Wilayi Song Lyrics - සීතල දිය පිරි සුනිල විලයි ගීතයේ පද පෙළ
Song Title : Sithala Diya Piri Sunila Wilayi (සීතල දිය පිරි සුනිල විලයි)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහගම සේකර
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මේ ගීතය ලියැවුණේ "දෑස නිසා" චිත්‍රපටියටයි. එය චිත්‍රපටිය සඳහා යෝග්‍ය නැත යන්න සංගීත අධ්‍යක්ෂක ප්‍රේමසිරි කේමදාස ගේ අදහස වුණා. එනිසා එකී සිනමා කෘතියට මේ ගීය ඇතුළත් වූයේ නැහැ. පසු කලෙක රෝහණ වීරසිංහයන්ගේ තනුවකට මේ ගීය සුනිල් එදිරිසිංහ විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් සඳහා ගායනා කරණු ලැබුවා.
1989 දී “නිම් තෙරක්” කැසට් පටයට මෙම ගීය ඇතුළත් වුණා.


සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඞ නෙත ඈත සිතිජයෙන්
උදා වෙලා මට අත වැනුවා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

දෑසට නොපෙනෙන ඝණ නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වටකර හැම තැන පිපුණා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment