Sihale Pinen Song Lyrics - සීහළේ පිනෙන් ගීතයේ පද පෙළ

Sihale Pinen Song Lyrics - සීහළේ පිනෙන් ගීතයේ පද පෙළ
Song Title : Sihale Pinen (සීහළේ පිනෙන්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1984 දී “පිනිබර යාමේ” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


සීහළේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහළේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙළේ එදා නොවී අනුන්ට පෑ අතක් //

උන් පැතුම් නොවී එදා අනුන් පිදූ බතක්
උන් ගතේ නොවී එදා අනුන් සැදූ වතක්
දැන් දණින් වැටී විදේශ වන්දනා කළත්
ආදි සීහලේට වැන්දෙ ඒ විදේශයොත්

සීහළේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහළේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙළේ එදා නොවී අනුන්ට පෑ අතක්

උන් ලැබූ නමුත් එදා තම්බපණ්නියක්
නන් විකුම් බෙලෙන් සැදූහ ස්වර්ණ භූමියක්
දැන් අපිත් රකිම්හ මේ අපේ කියා යමක්
ඒ අපේ හිසත් කඳත් මිසක් වෙනින් කුමක්

සීහළේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහළේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙළේ එදා නොවී අනුන්ට පෑ අතක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment