Santhapa Mawathe Song Lyrics - සංතාප මාවතේ ගීතයේ පද පෙළ

Santhapa Mawathe Song Lyrics - සංතාප මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Santhapa Mawathe (සංතාප මාවතේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීය ඇතුළත් වූ ඇල්බම
1981 "චන්ද්‍ර මඬල" කැසට් පටය තුළින් දොරට වැඩියා.
1982 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් ගුවන් විදුලි ගී ගොන්නට එකතු වුණා.
නැවත 1998 "නව රිද්ම ගී සොළොස" සංගත තැටිය සහ කැසට් පටයටත් 2001 දී නිකුත්වූ "නෑසෙන ගී රස 1" සංගත තැටිය සහ කැසට් පටයටත් ඇතුළත් වුණා.


සංතාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන් //

තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ
දැරියක් විඳී තනිවී දෙමංසලේ
නොසැලී රැඳී කඳුළක් ඇගේ නෙතේ
හඬගා කියයි නටබුන් අතීතයේ

සංතාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ

සංතාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment