Samasa Thaddhitha Prathya Wisheshana Song Lyrics - සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ ගීතයේ පද පෙළ

Samasa Thaddhitha Prathya Wisheshana Song Lyrics - සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ ගීතයේ පද පෙළ
Song Title : Samasa Thaddhitha Prathya Wisheshana (සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග සුජාතා අත්තනායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද
වින්ධ්‍යා කඳුවැටි භූමි විෂමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා //
මා හා කතා කරනු මැන
දෙනුවන් කවුළු අයා
පෙම් නොකරමි මම පාසැල් කාලේ
ඇදුරන් දෙනෙත වසා

සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද
වින්ධ්‍යා කඳුවැටි භූමි විෂමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා
මා දා පළා නොයනු මැන
පෙම් මල් උයන දවා
පෙම් සටනට පෙර දිවි සටනින් බොමු
ජය පැන් විත පුරවා

සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද
වින්ධ්‍යා කඳුවැටි භූමි විෂමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment