මසාල තේ හදමු (Masala Chai) ☕

මසාල තේ හදමු (Masala Chai) ☕ - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

(කෝප්ප 2ක් සදහා) 
  • කිරි කෝප්ප  2 (fresh milk)(පිටි කිරි ගන්නත් පුළුවන් ඒත් රස අඩුයි)
  • වතුර කොප්ප 1
  • ඉඟුරු කැබැල්ලක්
  • කරඳමුංගු  3-4
  • කරාබුනැටි 2
  • ගම්මිරිස් ඇට 5
  • කුරැදුපොතු පොඩිකෑල්ලක්
  • තේ කොල මේස හැඳි 2
  • සීනි අවශ්‍ය ප්‍රමාණයට

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️  පලමුව වතුර කෝප්පය පිරිසිදු බාජනයකට දමා තලා ගත් ඉඟුරු, කරඳමංගු, කරාබුනැටි, ගම්මිරිස්  කුරැදු එක්කර,අඩු ගින්දරේ හොදින් නටවන්න.(ගින්දර වැඩි කරන්න එපා.මොකද කුළුබඩු වල සාරය වතුරට එකතු වෙන්න නම් මද ගින්දරේ රත් කරන්න ඕන) වතුර නටාගෙන එද්දි තේ කොල එක් කරන්න.
  2. ♦️ ඉන් පසු එයට කිරි කෝප්ප 2 එක්කරන්න.
  3. ♦️ දැන් නැවතත් හොදින් නටවා පෙරා ගන්න.රස අනුව සීනි එකතු කරන්න. 

♦️ මසාල තේ එක බොද්දි ඉඟුරු බිස්කට් එකකුත් එක්ක බොන්න.එතකොට පුදුම රසක් තියෙන්නේ.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
මසාල තේ හදමු (Masala Chai) ☕ - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment