Pura Poya Hadata Song Lyrics - පුර පෝය හඳට ගීතයේ පද පෙළ

Pura Poya Hadata Song Lyrics - පුර පෝය හඳට ගීතයේ පද පෙළ
Song Title : Pura Poya Hadata (පුර පෝය හඳට)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සුනිල් ආර්. ගමගේ
තනුව : සුනිල් එදිරිසිංහ
සංගීත සංයෝජනය : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩ සටහනකින් දොරට වැඩි මේ ගීතය 1982 දී "සඳකඩපහණ" කැසට් පටයට ඇතුළත් වුණා. 1989 වසරේදී නැවතත් "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටියට හා කැසට් පටයට එකතු වුණා.


පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් //

මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුණි ද මන්දා

පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මන්දා

පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment