Poojasanaye Oba Hinduwa Song Lyrics - පූජාසනයේ ඔබ හිඳුවා ගීතයේ පද පෙළ

Poojasanaye Oba Hinduwa Song Lyrics - පූජාසනයේ ඔබ හිඳුවා ගීතයේ පද පෙළ
Song Title : Poojasanaye Oba Hinduwa (පූජාසනයේ ඔබ හිඳුවා)
ගායනය : නන්දා මාලිනී
ගී පද : සුනිල් ආරියරත්න
සංගිතය : එච්.එම්. ජයවර්ධන


පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment