Perada Maha Raa Song Lyrics - පෙරදා මහ රෑ ගීතයේ පද පෙළ

Perada Maha Raa Song Lyrics - පෙරදා මහ රෑ ගීතයේ පද පෙළ
Song Title : Perada Maha Raa (පෙරදා මහ රෑ)
ගායනය : නන්දා මාලිනී
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ස්ටැන්ලි පීරිස්


පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැළලක් ඉතිරි වෙලා //

උරහිස තැවරී වියැළුණු කඳුළෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැළලක් ඉතිරි වෙලා

ඔබහට පෙම් කළ යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැළලක් ඉතිරි වෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment