Pidila Pathum Song Lyrics - පීදිලා පැතුම් ගීතයේ පද පෙළ

Pidila Pathum Song Lyrics - පීදිලා පැතුම් ගීතයේ පද පෙළ
Song Title : Pidila Pathum (පීදිලා පැතුම්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1981 දී "චන්ද්‍ර මඬල" කැසට් පටයටත්, 2001 දී සින්ග්ලංකා "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, ඇතුළත් වුණා.


පීදිලා පැතුම් 
පෑදිලා රුවන්
ආසිරී ගායනා 
මේ ඔබේ නමින් //

චේතනා පෑහිලා දෑස සේ රැඳී
ජීවිතේ වාසනා ලොවේ සදා බැඳී

පීදිලා පැතුම් 
පෑදිලා රුවන්
ආසිරී ගායනා 
මේ ඔබේ නමින් //

ස්නේහයේ දාමයේ දෑත යාවෙලා
සාමයේ මාවතේ ඈත පාවෙලා

පීදිලා පැතුම් 
පෑදිලා රුවන්
ආසිරී ගායනා 
මේ ඔබේ නමින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment