Pembara Madhu Mage Song Lyrics - පෙම්බර මධු මගේ ගීතයේ පද පෙළ

Pembara Madhu Mage Song Lyrics - පෙම්බර මධු මගේ ගීතයේ පද පෙළ
Song Title : Pembara Madhu Mage (පෙම්බර මධු මගේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : එම්. අශ්රෆ්
(පෙම්බර මධු චිත්‍රපටයෙන්) (1977)
(1971 දී තිරගතවූ “චිරාග් කහාන් රෝෂිණී කහාන්” හින්දි චිත්‍රපටයට එම්. අශ්වර් විසින් නිර්මානය කළ “මෙරී දුආ හෛ කේ” නම් ගීතයේ තනුවට කරුණාරත්න අබේසේකර පද රචනය කළ “පෙම්බර මධු” ගීය සංගීතවත් කළේ පී. එල්. ඒ. සෝමපාල විසිනි. )


පෙම්බර මධු මගේ
මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

ලොවෙහි ඈත අනන්තේ
පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා
මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

වඩාල දෝත පුරාලා
පරවී කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම් ලදැල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

අපේම පාලු විමානේ
නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා
ඔබේ දෙතොල් බඳුනේ
විදින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment