Obe Pala Pale Pila Song Lyrics - ඔබේ පැල පැලේ පිළ ගීතයේ පද පෙළ

Obe Pala Pale Pila Song Lyrics - ඔබේ පැල පැලේ පිළ ගීතයේ පද පෙළ
Song Title : Obe Pala Pale Pila (ඔබේ පැල පැලේ පිළ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා


ඔබේ පැල
පැලේ පිළ
පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත ‍නොමැති සුවය ඇත //

බාල කාලේ එකම
ගුරු ගෙදර අකුරු කළ
එකම කෙළිමඬල වැද
කෙළිදෙලෙන් ඇවිද ගිය

ඔබ මෙදා පැල්පතක
මා සඳැල්ලකය අද
යස ඉසුරු පවුරකින්
මට අහිමි වීය ඔබ

ඔබේ පැල
පැලේ පිළ
පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත ‍නොමැති සුවය ඇත

ගාමිණී නොවේ ඔබ
චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ
මාලාව සොයා ආ

සදාකල් ඔබ පැලේ
මා සඳැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට
කඳුළ පමණකි උරුම

ඔබේ පැල
පැලේ පිළ
පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත ‍නොමැති සුවය ඇත //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment