Obe Dethol Pethi Lihi Song Lyrics - ඔබේ දෙතොල් පෙති ලිහී ගීතයේ පද පෙළ

Obe Dethol Pethi Lihi Song Lyrics - ඔබේ දෙතොල් පෙති ලිහී ගීතයේ පද පෙළ
Song Title : Obe Dethol Pethi Lihi (ඔබේ දෙතොල් පෙති ලිහී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඔබේ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි
රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍ පෙර නොවිඳි
තුන් සිතම සලිත වී
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා
වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී
සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ
දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර ඇඟෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

අහස් තල පොළෝ තල
ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත්
ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බැ
සියොලඟම දැවෙනවා
සසර සැරි සරණ තෙක්
ඔබ මගේ ඔබ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment