Api Athata Athata Pa Nagala Song Lyrics - අපි ඈතට ඈතට පා නගලා ගීතයේ පද පෙළ

Api Athata Athata Pa Nagala Song Lyrics - අපි ඈතට ඈතට පා නගලා ගීතයේ පද පෙළ
Song Title : Api Athata Athata Pa Nagala (අපි ඈතට ඈතට පා නගලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අපි ඈතට ඈතට පා නගලා
ඝණ වනන්තරේ අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ //

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ලඟ ඉන්නේ‍‍

අපි ඈතට ඈතට පා නගලා
ඝණ වනන්තරේ අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුලු වෙමින්
නෑ සිය මිතුරන් මඟ තොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ

අපි ඈතට ඈතට පා නගලා
ඝණ වනන්තරේ අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ //

අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment