Mayurasana Matha Wada Hidina Song Lyrics - මයුරාසන මත වැඩ හිඳිනා ගීතයේ පද පෙළ

Mayurasana Matha Wada Hidina Song Lyrics - මයුරාසන මත වැඩ හිඳිනා ගීතයේ පද පෙළ
Song Title : Mayurasana Matha Wada Hidina (මයුරාසන මත වැඩ හිඳිනා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : හේම ශ්‍රී ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ //
මිනිසා මිනිසට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා //
වස්තුව නිල බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පා මුල මම වැඳ වැටෙමී
මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment