Mayurasana Hinda Song Lyrics - මයුරාසන හිඳ ගීතයේ පද පෙළ

Mayurasana Hinda Song Lyrics - මයුරාසන හිඳ ගීතයේ පද පෙළ
Song Title : Mayurasana Hinda (මයුරාසන හිඳ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතය ඇතුළත්වූයේ 1981 දී නිකුත්වූ සුනිල් එදිරිසිංහයන්ගේ පළමු කැසට් පටය වන "චන්ද්‍ර මඬල" ගී එකතුවටයි.


හ්ම්.... හ්ම්ම්... ම්.. ම්ම්
හ්ම්ම්... ම්.. ම්ම්
හ්ම්ම්... ම්.. ම්.

මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ
මනු ලෝ සත වෙත පෑව නිතින
සුරකිනු අප සාමිනේ 
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ

සාමයේ චේතනා
රැඳුණු සිතැඟි නෑ මෙදා
ආ.... ආ.... ආ....
දේවනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ
මනු ලෝ සත වෙත පෑව නිතින
සුරකිනු අප සාමිනේ 

මෝහයේ ද්වේෂයේ 
ගිලෙන ලොවට පා තබා
ආ.... ආ.... ආ....
දේවනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ
මනු ලෝ සත වෙත පෑව නිතින
සුරකිනු අප සාමිනේ 
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment