Ma Sandata Kamathi Bawa Song Lyrics - මා සඳට කැමති බව ගීතයේ පද පෙළ

Ma Sandata Kamathi Bawa Song Lyrics - මා සඳට කැමති බව ගීතයේ පද පෙළ
Song Title : Ma Sandata Kamathi Bawa (මා සඳට කැමති බව)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න


මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන් //

එක්ටැම් ගෙයි සිරගත කර
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment