Dawadi Dennata Song Lyrics - දෑවැදි දෙන්නට ගීතයේ පද පෙළ

Dawadi Dennata Song Lyrics - දෑවැදි දෙන්නට ගීතයේ පද පෙළ
Song Title : Dawadi Dennata (දෑවැදි දෙන්නට)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

ගීය ඇතුළත් වූ ඇල්බම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 1981 "චන්ද්‍ර මඬල" සින්ග්ලංකා කැසට් පටය ට සහ 2003 දී නිකුත්වූ "Best of Sunil 2" සංගත තැටියට ඇතුළත් වුණා.


දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ //

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

රන්දම් පැලඳිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩකම කොච්චරද අගේ

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment