ක්‍රිස්ටෝපර් කොලොම්බස් යනු සැබැවින්ම වීරයෙක්ද? (Christopher Columbus)

ක්‍රිස්ටෝපර් කොලොම්බස් යනු සැබැවින්ම වීරයෙක්ද? (Christopher Columbus) - Your Choice Way

වීරෝදාර දේශ ගවේශකයන්ගේ කතාන්දර ඇසීමට අප සියලු දෙනාම මහත් රුචියක් දක්වයි. ඒවා සෑම විටම අපගේ සිත් ඇදගන්නාසුළු සහ කුතුහලය දනවන සිද්ධීන්ගෙන් සමන්විත අතර පුද්ගල ජීවිත අභිප්‍රේරණය කිරීමට සමත් වේ. මෙවැනි ආකාරයේ එක් සුවිශේෂී කතාවක් වන්නේ ක්‍රිස්ටෝපර් කොලම්බස් යන ඉතාලි නාවිකයාගේ සුප්‍රසිද්ධ ජනප්‍රවාදයි.

එහෙත් බොහෝ දෙනෙකු දන්නා මෙම කතාන්දරයේ විෂමතා රාශියක් තිබේ. එහෙත් ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාව සොයාගත් බවට වූ සදහන් සමස්ත අදහසම වැරදි එකක් වේ. කොලොම්බස් පිළිබඳ සදහන් වී ඇති බොහෝ ඓතිහාසික වාර්තා විශ්වාස කළ නොහැකි ඒවා මෙන්ම පක්ෂග්‍රාහී වාර්තා වේ. එසේනම් එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට අඩියක්වත් නොතැබූ පුද්ගලයෙකුට ඇමරිකානු ඉතිහාසයේ මෙතරම් විශිෂ්ට ස්ථානයක් ලැබුණේ කෙසේද? එමෙන්ම මිලියන ගණනකගේ මරණයට වගකිව යුතු පුද්ගලයෙකු වීරයෙකු ලෙස ප්‍රශංසා ලබන්නේ කෙසේද? අද අප ඒ පිළිබඳව අවධානය යොමු කරමු.

1492 ඔක්තෝබර් 12 වන දින ක්‍රිස්ටෝපර් කොලම්බස් නම් ඉතාලි නාවිකයෙකු / දේශ ගවේෂකයෙකු ‘නව ලෝකයේ’ (ඇමරිකානු භූමියේ) වෙරළට පා තැබූ බවට අප සියලු දෙනා අසා ඇති කතාන්දරයයි. නමුත් සැබැවින්ම සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

15 වන සියවස අවසන් වන විට ස්පාඤ්ඤ රාජාණ්ඩුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ නව වෙළඳ මාර්ග ගවේෂණය කිරීමට සහ ලෝකයේ නව ප්‍රදේශ ජය ගැනීම කෙරෙහි ය. ඒ අනුව වඩා හොඳ වෙළඳ මාර්ග සහ සම්පත් සහිත හිස් භූමි සොයා ගැනීමේ අරමුණින් ගවේෂණය කිරීමට ගවේෂකයන් බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබෙන ලදී.

මේ සියලු ගවේෂකයන් අතුරින් එක් ඉතාලි නාවිකයෙකු, අත්ලාන්තික් සාගරය හරහා ඉන්දියාවට පැමිණීම සඳහා තරමක් වෙනස් අදහසක් ඉදිරිපත් කරන ලදී. අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීම මගින් නැගෙනහිර ඉන්දියාවට හෝ ඉන්දියාවට යාත්‍රා කළ හැකි බවට ඔහු ස්පාඤ්ඤ රජු වන අරගොන්හි ෆර්ඩිනන්ඩ් සහ කැස්ටිල්හි ඉසබෙලාට ඒත්තු ගැන්වීමට සමත් විය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පෘථිවිය පැතලි තැටියක් මෙන් නොව ගෝලයක් වන බැවින් මෙය සිදු කළ හැකි බවයි. මේ නිසා බොහෝ දෙනා විශ්වාස කරන්නේ පෘථිවිය ගෝලාකාර බව ප්‍රථම වරට සොයා ගත්තේ මේ පුද්ගලයා බවයි. එහෙත් ඊට වසර ගණනාවකට පෙර සිටම පෘථිවිය ගෝලාකාර බව මිනිසුන් දැන සිටියහ.

අවසානයේ ක්‍රිස්ටෝපර් කොලම්බස් නම් මේ නාවිකයා ඉන්දියාවට යාත්‍රා කිරීමේ අරමුණින් අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීමට සමත් විය. නමුත් ඔහු අවසානයේ නතර වූයේ ඉන්දියාවට ගොස් නොව 1492 දී බහමියානු දූපත් වලට පා තැබීමෙනි. 

නමුත් පසුකාලීනව, කොලොම්බස් කැරිබියානු දූපත් වලින් එකක් වන එල් සැල්වදෝරයට ළඟා වීම පිළිබඳ කතාව බෙහෙවින් වෙනස් ආකාරයකින් ප්‍රචාරය විය. නව ලෝකය සොයා ගනු ලැබුවේ කොලොම්බස් විසින් යැයි කියා බොහෝ දෙනා විශ්වාස කිරීමට පටන් ගන්නා ලදී. 

නමුත් ක්‍රිස්ටෝපර් කොලම්බස් මෙම නව ලෝකය සොයාගත් පළමු යුරෝපීය ජාතිකයා නොවේ.  මීට වසර 500කට පමණ පෙර, නෝර්ස් හි ලීෆ් එරික්සන් මේ වන විටත් මෙම නව ලෝකයට පැමිණ ඇති අතර මෙහි ජනාවාස පවා පිහිටුවා ගෙන සිට ඇත. එමෙන්ම ඊට අමතරව චීන ජාතිකයන්ද මෙහි සංචාරය කර ඇති බවට බොහෝ ඓතිහාසික වාර්තා තිබේ.

ක්‍රිස්ටෝපර් කොලම්බස් ඉන්පසු වසර දහය තුළ තවත් මුහුදු ගමන් තුනක් සිදු කළ නමුත් ඔහු කිසි විටෙකත් මහාද්වීපික උතුරු ඇමරිකාවට හෝ එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට කිසිදා පා තැබුවේ නැත. මේ මුහුදු ගමන් හතර අතරතුර ක්‍රිස්ටෝපර් කොලම්බස් කැරිබියානු දූපත්, දකුණු හා මධ්‍යම ඇමරිකාව ගවේෂණය කළ නමුත් ඔහු කිසිදා උතුරු ඇමරිකාවට එකවරක්වත් පා තැබුවේ නැත. කොලොම්බස්ගේ මේ මුහුදු ගමන අනාගත යුරෝපීය ගවේෂණ සඳහා මග පෑදුවද, ඇමරිකාව සොයා ගැනීම සදහා වූ ගෞරවය ඔහුට හිමි නොවිය යුතුය.

ඔහුගේ පළමු මුහුදු ගමනේදී ක්‍රිස්ටෝපර් නව ලෝකයට ළඟා වූ විට ඔහු ක්විස්කියාවෙහි ජනාවාසයක් ස්ථාපිත කළ අතර ඔහු එය හිස්පැනියෝලා (කුඩා ස්පාඤ්ඤ) ලෙස නම් කරන ලදී. මෙම දූපතේ ටානෝ වැසියන් වාසය කළ අතර ජනගහනය මිලියනයක් පමණ විය.

කොලොම්බස් සිය පළමු සංචාරයේදී ස්පාඤ්ඤ රජවරුන්ට ප්‍රකාශ කර සිටියේ මෙම ස්වදේශික ජනතාව වහල්භාවයට පත් කළ යුතු බවයි. හිස්පැනියෝලා හි කොලොම්බස්ගේ මේ ජනාවාස වැඩි වැඩියෙන් ස්පාඤ්ඤ පදිංචිකරුවන් ආකර්ෂණය කර ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පදිංචිකරුවන් තායිනෝ වැසියන්ගේ රන් ආකර සූරාකෑමට ලක් කර ඔවුන් වහල්භාවයට පත් කළහ. අවසානයේ කොලොම්බස් හිස්පැනියෝලා වෙත පැමිණ වසර විසිපහක් ඇතුළත, ටායිනෝ හි බොහෝ දෙනෙක් යුද්ධයෙන්, වහල්භාවයෙන් හා රෝගවලින් මිය ගොස් ඇත.

එමෙන්ම කොලොම්බස් විසින් ස්වදේශිකයන් දස දහස් ගණන් වහල් සේවය සදහා අල්ලාගෙන නැව් වල පටවා ස්පාඤ්ඤයේ විකිණීම සදහා රැගෙන එන ලදී. ඉතා කුරිරු පුද්ගලයකු වූ ඔහු ස්වදේශික ජනයාට විශාල ලෙස හිරිහැර සිදු කරන ලදී. 

එබැවින් ක්‍රිස්ටෝපර් කොලම්බස් යනු ඓතිහාසික වාර්තා වල සදහන් පරිදි වීරයෙකු නොවීය. සැබැවින්ම කොලොම්බස් යනු කැරිබියානු දූපත් වල රන් හා ධනය කොල්ලකන ලද, මිනිසුන් මිලියන ගණනක් සමුල ඝාතනය කරන ලද මෙන්ම දස දහස් ගණන් පුද්ගලයන්  වහල් භාවයට පත් කරන ලද කුරිරු පුද්ගලයකු වේ.

ක්‍රිස්ටෝපර් කොලොම්බස් යනු සැබැවින්ම වීරයෙක්ද? (Christopher Columbus) - Your Choice Way
ඉතාලි නාවික ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ මුහුදු ගමන් හතරේ සිතියම

ක්‍රිස්ටෝපර් කොලොම්බස් යනු සැබැවින්ම වීරයෙක්ද? (Christopher Columbus) - Your Choice Way
ක්‍රිස්ටෝපර් කොලම්බස්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ක්‍රිස්ටෝපර් කොලොම්බස් යනු සැබැවින්ම වීරයෙක්ද? (Christopher Columbus) ක්‍රිස්ටෝපර් කොලොම්බස් යනු සැබැවින්ම වීරයෙක්ද? (Christopher Columbus) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2022 Rating: 5

0 comments:

Post a Comment