Ase Kandulu Bidu Iwarawela Song Lyrics - ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා ගීතයේ පද පෙළ

Ase Kandulu Bidu Iwarawela Song Lyrics - ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා ගීතයේ පද පෙළ
Song Title : Ase Kandulu Bidu Iwarawela (ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා
ඔබේ පෙමට හඬලා
ඇලට දොළට මුහුදට යළි දෙනු බෑ
ඇසට කඳුළු කිසිදා //
ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා

එක තරුවක්වත් නැති බොල් අහසක් සේ
නිල්ල වසා ගිය වැහි කළුවක් සේ
ජීවිතයෙන් ඔබ පලා ගියේ
දුවන මුවන් දැක නෙලූ පලා බිම හෙලු දිනේ

ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා
ඔබේ පෙමට හඬලා
ඇලට දොළට මුහුදට යළි දෙනු බෑ
ඇසට කඳුළු කිසිදා //
ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා

කැඩපතකින් රුව දැක ඔබ ඔබෙ මුහුණේ
යම් දවසක මතු හඬන දිනක් එයි
එදාට ඔබෙ දුක් බෙදා හදා
හඬනු කෙසේදෝ ඔබේ කඳුළු හා තුරුල් වෙලා

ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා
ඔබේ පෙමට හඬලා
ඇලට දොළට මුහුදට යළි දෙනු බෑ
ඇසට කඳුළු කිසිදා //
ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment