Hinahenna Romiyo Mamayi Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ

Hinahenna Romiyo Mamayi Song Lyrics - හිනැහෙන්න රෝමියෝ මමයි ගීතයේ පද පෙළ
Song Title : Hinahenna Romiyo Mamayi (හිනැහෙන්න රෝමියෝ මමයි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග ලතා වල්පොල
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
1975 දී තිරගතවූ "රජ ගෙදර පරෙවියෝ" චිත්‍රපටියෙන්


හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි //

නා.........ලිය රුව දීලා
පා.........මිණි හඬවාලා
නා.........ලිය රුව දීලා
පා.........මිණි හඬවාලා

උක් දඬු කැලේ - මල් සර සැ‍ලේ
වසන්ත කාලයේ

හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි

ළා.........හිරු කැන් පායා
මා.........හද පිබිදීලා
ළා.........හිරු කැන් පායා
මා.........හද පිබිදීලා

කින්නර කුලේ - රංඟන දිලී
නුවන් අවන් හලේ

හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි //

ආ...  ආහාහහා.... ආහාහ හාහ හාහ හා........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment