Aruna Udawedo Song Lyrics - අරුණ උදාවේදෝ ගීතයේ පද පෙළ

Aruna Udawedo Song Lyrics - අරුණ උදාවේදෝ ගීතයේ පද පෙළ
Song Title : Aruna Udawedo (අරුණ උදාවේදෝ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1989 දී “නිම් තෙරක්” කැසට් පටය තුළින් දොරට වැඩියා. 2001 දී “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ //

මනුසත් උයනේ මුදු සිත් පරවී
හසරැල් ගිලිහී යයි
මිහි මව් තුරුලේ නොමිනිස් කතරේ
ගිනිදැල් මතුවී එයි
එද ගිනි නිවනා දිය දහරා
කවදාදෝ හමුවන්නේ
දයා මහිමේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

කඳුළින් තැවෙනා දෙනුවන් හමුවේ
ලොව නෙත් අඳ වේ නම්
ළසොවින් දැවෙනා සුදනන් හමුවේ
දුදනන් සැනහේ නම්
මිනිසුන් නොවෙනා දෙරණක දෝ
අවසානය එළඹෙන්නේ
නිරා ගමනේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment