Api Sawdiya Puramu Song Lyrics - අපි සව්දිය පුරමු ගීතයේ පද පෙළ

Api Sawdiya Puramu Song Lyrics - අපි සව්දිය පුරමු ගීතයේ පද පෙළ
Song Title : Api Sawdiya Puramu (අපි සව්දිය පුරමු)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අපි සව්දිය පුරමු ////
මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
අපි සව්දිය පුරමු //

දෙතොලේ තෙරපී පුපුරන සුදු පෙන බුබුලක් සේ
තැවුල් නිවී සිත සුවපත් වේ
අපි සව්දිය පුරමු //

බැඳි වෙස් ගැලවී හදවත දසැඟිලි අතර රැඳී
කිරි බැබලෙන සොමි සඳපානේ
අපි සව්දිය පුරමු //

නෑදෑයින්වී එක නිදි පැදුරේ එකම පැලේ
නැතිවෙමු දෙපැයක් ඝණ අඳුරේ
අපි සව්දිය පුරමු //

අපි සව්දිය පුරමු ////
මුවවිත පුරවා මීවිත ගෙන සුරතින්
අපි සව්දිය පුරමු ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment