Kuda Game Maddahane Song Lyrics - කුඩා ගමේ මද්දහනේ ගීතයේ පද පෙළ

Kuda Game Maddahane Song Lyrics - කුඩා ගමේ මද්දහනේ ගීතයේ පද පෙළ
Song Title : Kuda Game Maddahane (කුඩා ගමේ මද්දහනේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
1976 "හුළවාලි" චිත්‍රපටියෙන්
මේ ගීය පසු කලෙක "සුනිල් - මාලිනී යුරෝපයේදී" (1985) කැසට් පටයටත්,  2001 වසරේදී නිකුත්වූ "නෑසෙන ගී රස 1" කැසට් පටය හා සංගත තැටියටත් ඇතුළත් වුණා.


කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment