Noena Duraka Song Lyrics - නොඑනා දුරක ගීතයේ පද පෙළ

Noena Duraka Song Lyrics - නොඑනා දුරක ගීතයේ පද පෙළ
Song Title : Noena Duraka (නොඑනා දුරක)
Singer : Sasanka Rajasekara
Music : Amusync Entertainment
Lyrics : Sajith V Chathuranga
Mixed And Mastered By Ruban
Video Directed By : Kasun Kavinda Kuruppu (Leonine Motion Pictures)
Flute : Supun Peiris
Duduk : Supun Peiris
Guitars : Priyan Perera
Percussions : Renjith


මනසේ දොරගුළු කඩාලා
ආදරේ කල ඔයා
මිරිඟුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියේ මා
තරහක් නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිඳිමි මා

තවමත් රූපේ ඔබගේ
රහසේ මම තියා
මොහොතක් ගානේ බැලුවේ
නොබලා බැරි නිසා
ජීවිතේට ආදරේ හීනයේ තියා
වාසනාව මා වෙතින් පාවෙලා ගියා

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා

මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග සොයා
අදටත් එදා වාගේ
මම දුක් විඳිනවා
සාගරේක වේදනා රංචුවක් මෙදා
හී..සරේක වේගයෙන් ආවා මා කරා

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිඳිමි මා

මනසේ දොරගුළු කඩාලා
ආදරේ කල ඔයා
මිරිඟුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියේ මා
තරහක් නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිඳිමි මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment