Api Okkoma Rajawaru Song Lyrics - අපි ඔක්කොම රජවරු ගීතයේ පද පෙළ

Api Okkoma Rajawaru Song Lyrics - අපි ඔක්කොම රජවරු ගීතයේ පද පෙළ
Song Title : Api Okkoma Rajawaru (අපි ඔක්කොම රජවරු)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ

ජය දද බන්දා (හහා හා හා)
සිරිදුව කැන්දා (හහා හා හා)
ජය දද බන්දා සිරිදුව කැන්දා
රුපු සෙන් ඔද තෙද සින්දා
හද අරවින්දා (හහා හා හා)
කර සිරි නන්දා (හහා හා හා)
හද අරවින්දා කර සිරි නන්දා
පර ගැති සිත ගත බින්දා
පර ගැති සිත ගත බින්දා

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ

හිස මල් පිපුණා (හහා හා හා)
හසරැල් නැගුනා (හහා හා හා)
හිස මල් පිපුණා හසරැල් නැගුනා
හද සෝ ගිනි දැල් නිවුනා
නෙතු කැන් දිලුනා (හහා හා හා)
සිතු වැල් බැඳුනා (හහා හා හා)
නෙතු කැන් දිලුනා සිතු වැල් බැඳුනා
ජය මංගල ගී ගැයුනා
ජය මංගල ගී ගැයුනා

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment