Aalaya Wan Manaram Song Lyrics - ආලය වන් මනරම් ගීතයේ පද පෙළ

Aalaya Wan Manaram Song Lyrics - ආලය වන් මනරම් ගීතයේ පද පෙළ
Song Title : Aalaya Wan Manaram (ආලය වන් මනරම්)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ඔස්ටින් මුණසිංහ


ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම් //

පැණසර මහා බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුදදුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති
එතැනය සබය සුදම්

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

සහලඟුරෙන් දැවෙමින්
පවසට පැන් දෙනුවෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුර ලොව නම්

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment