Siyothun Igila Giya Song Lyrics - සියොතුන් ඉගිල ගියා ගීතයේ පද පෙළ

Siyothun Igila Giya Song Lyrics - සියොතුන් ඉගිල ගියා ගීතයේ පද පෙළ
Song Title : Siyothun Igila Giya (සියොතුන් ඉගිල ගියා)
ගායනය : රෝහණ බෝගොඩ
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : රොඩ්නි විදානපතිරණ


සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී

දිවි කුසලානයෙ මී පුරවා
යෙහෙලියෙ ඔබ මට ගෙන ආවා //
දුරු කතරේ ඈ ඇසුරේ
සිත නෑ කිසිදා රැඳුණේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //

වියැලුණු දෑසින් කඳුළු දියේ
කෙම් බිම සොයනා මේ ගමනේ //
ඔබ හඬවා නෑ හිනැහී
හෙට මා ඔබගේ සෙවණේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment