හොල්මන් ගෙදර (Homan Gedara)

හොල්මන් ගෙදර (Homan Gedara) - Your Choice Way

මෙම කතාව උපුටා ගත්ත එකක් නෙමෙයි..අපෙම ගෙදර වුන ඇත්ත සිදුවිමක්..මීට අවුරුදු  2 ක් හෝ 3 කට කලින් සිදු උන සිදු වීමක්..අපේ ගෙදර හොල්මන් කිසිම දෙයක් තිබුන ගෙයක් නෙමේ..හැමදාම උදෙ හවස බුදුන්ට පහන තියලා වදින ගෙයක්.එත් හිටි හැටියෙම අපේ ගෙදර

කට්ටිය බය වෙන්න ගත්ත.අම්මා රැට නිදා ගත්තම හැමදාම බය වෙලා ඇහරෙනවා,අයියා බය වෙලා ඇහරෙනවා.අපි මෙ දෙවල් වැඩිපුර ගනන් ගත්තෙ නැ..

එත් දවසක් අයියා කාමරයෙ නිදාගෙන  ඉද්දි එයා ජනෙලෙන් දැකලා කවුද කොන්ඩෙ කඩා ගත්ත එක්කෙනෙක් එයාට කතා කරලා තියෙනවා.ඊට පස්සෙ අම්මා දැකල තියෙනවා අපෙ ගෙදර පුටුවෙ ඒ වගෙම කෙනෙක් වාඩි වෙලා ඉන්නවා..කොහොම හරි බැරිම තැන අපි මෙක පන්සලේ හාමුදුරුවන්ට කිව්ව.

හාමුදුරුවො අපෙ ගෙදරට වැඩම කරලා පිරිත් කරපු තෙල් වලින් පහන තියන්න කියලා අපිට පිරිත් ටිකක් දෙශනා කරා.එත් ඊට පස්සෙ දවසක අපි දැක්කා උඩ කොරිඩෝවට යන දොරෙ මොනාද ගහලා තියනවා..දොරෙ ගහලා තිබ්බෙ අලු පාට කුඩු වගයක්,හාල්,කුරුලු පිහාටු,අබ වගෙ ගොඩක් දෙවල් කලවං වෙලා තිබ්බ තලපයක්..එක අපෙ උඩ දොරෙ ඇලවිලා තිබ්බෙ..අපිට තිබුන එකම ප්‍රශ්නය උඩ තට්ටුවට කාටවත් එන්න බැහැ..ඉතින් කොහොමද මෙක දොරෙ තියෙන්නෙ  කියලා..අම්මා   කිව්වෙ කවුරු හරි අපිට කොඩිවිනයක් කරලා කියලා..අපෙ පන්සලේ ඉන්නව මෙ සම්බන්ධයෙන් වැඩ කරන කපුවෙක් අපි එයාට මෙ ගැන කිව්වා..පස්සෙ එයා කිව්වා අපිට දෙහි කපලා මෙ ගැන ආරුඩෙන් අහලා බලමු කියලා..අපිට රැ 10ට විතර එන්න කිව්වා පන්සලට..අම්මා,අයියා ,මල්ලි,මම ඒ වෙලාවට පන්සලට ගියා..ඒ වෙනකොට තාත්තා හිටියෙ විදෙශගත වෙලා.අපි හැමොටම දෙහි කැපුවෙ පන්සලෙ දෙවාලෙ ඉස්සරහා මට මතක විදියට ඒ පන්සලේ දුර්ගා මැණියන්ගෙ දෙවාලෙ ඉදන්..එතන තව ගැනු කෙනෙකුත් හිටියා..එයාට තමයිලු ආරුඩ වෙන්නෙ..

මොනද මන්තර ජප කරල එ ගැනු කෙනා ආරුඩ උනා.පස්සෙ එයා මොනාදො කිය කියා නොන්ඩි ගහ ගහ බෝ ගහ පැත්තට ගියා.කපුවා කිව්වා ඒ ගැනු කෙනා නොන්ඩි ගහන්වා ඒ නිස ආරුඩ වෙලා තියෙන්නෙ ජිවත්ව ඉද්දි නොන්ඩි ගහපු කෙනෙක් කියලා.එත් අපෙ එහෙම කවුරුත් ඉදලා නෑ.එත්අපි හැමොම එයාගෙ පස්සෙ ගියා..ඒ ගැනු කෙනා ඊට පස්සෙ කතා කරන්න ගත්තා අපෙ පැත්ත හැරිලා කිව්වා මන් උබලව මරන්න ආවෙ.මාස 3 මන් තොපිලව ගෙනියනවා මට උබලගෙ ලේ ඔනෙ කියලා.මන් එතකොට හොදටම බය වෙලා මාව වෙව්ලන්වා වගෙ.මෙ වගෙ දෙයක් කවදාවත් අපිට වෙලා නැ.අනික වෙලාවත් එතකොට රැ 12පහු වෙලා.ඊට පස්සෙ ඒ වගෙ තව බය හිතෙන දෙවල් ගොඩක් කිව්වා.කියල එ ගැනු කෙනා බිම වැටුනා.අම්ම,අයියා,මන් හොදටම බය වෙලා.මාස 3 ක් අතුලත මරනව කිව්වම කොහොමත් බය වෙනවනෙ..

අනික් එ මනුස්සයා කෑ ගැහුවෙම ලේ ඕනෙ කියලා..පස්සෙ අපිට කපු මහත්තය කිව්වා  මෙක ලෙසි නෑ අපි ලොකු පුජාවක් තියන්න ඔනෙ කියලා..ඔක්කොම ලක්ශ 5ක් විතර වෙයි කිව්ව..අපි ගොඩක් බය වෙලා හිටියට අපි එච්චර ගානක් කපුවට දෙන්නෙ නෑ කියලා හිතුවා ,මොකද අපෙ කවුරුත් අර වගෙ නොන්ඩි ගහපු කෙනෙක් හිටියෙ නැති නිසා.එත් කපුව කිව්වා මෙක අනිවාර්යයෙන්ම කරන්න නැත්තන් ඔයාලව මාස තුනෙන් ඒ හොල්මන මරල ගෙනියන එක් ස්ථිරයි  කියලා.අපි ඒ පුජාව කලෙ නෑ.දැන් ඔයාලම හිතන්නකො...ගොඩක් කට්ටඩි මෙ විදියට තමයි අහින්සක මිනිස්සු රවට්ටන්නෙ..අපි ඊට පස්සෙ ගෙදර  කිරි දානයක් එහෙම දුන්නා.හාමුදුරුවො වඩම්මලා දාන දුන්න පස්සෙ මෙ දෙවල් නිකන්ම නැති වෙලා ගියා..හැබැයි තාම අපිට හිතා ගන්න බැරි අර දොරෙ අර දෙවල් තිබ්බෙ කොහොමද කියලා විතරයි .. 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment