Siripa Piyume Song Lyrics - සිරිපා පියුමේ ගීතයේ පද පෙළ

Siripa Piyume Song Lyrics - සිරිපා පියුමේ ගීතයේ පද පෙළ
Song Title : Siripa Piyume (සිරිපා පියුමේ)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
'රන් සළු' චිත්‍රපටියෙන්


සිරිපා පියුමේ
රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනැහේ

නිවන් දොරට මඟ පානා
සමණොළ රන් කොත මුදුනේ
බැන්ද වියන් සේ
අරුණු වලා රන් සළු පැටලේ
සිත කිමිදේ ලොව්තුරු සුවඳේ

කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ
සිරිපා පියුමේ
රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනැහේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment