Siri Buddagaya Wihare Song Lyrics - සිරි බුද්ධගයා විහාරේ ගීතයේ පද පෙළ

Siri Buddagaya Wihare Song Lyrics - සිරි බුද්ධගයා විහාරේ ගීතයේ පද පෙළ
Song Title : Siri Buddagaya Wihare (සිරි බුද්ධගයා විහාරේ)
ගායනය : රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ
පද රචනය : සී. වීරසේකර යන්ගේ යැයි විශ්වාස කෙරේ.
තනුව : කමල් දාස්ගුප්ත
මෙම ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ, ජුතිකා රෝයි සමග කමල් දාස්ගුප්ත ගායනා කළ Kyon Bhramat Phire Bharam Me නම් භජන් ගීයෙනි. 1939 දී ගීය තැටිගත කළ අවස්ථාව වන විට රුක්මණි දේවි (ඩේසි ඩැනියල්ස්) ගේ වයස අවුරුදු 13 කි.



සිරි බුද්ධගයා විහාරේ
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතාලා //

ශාක්‍ය තිලෝනා 
වැඩ සිටි එදිනා //
මරාංගනන් පරදාලා //
බුද්ධගයා
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතාලා

ශ්‍රී මහා බෝධි වෙත සැදි ඒ
විදුරසුනේ දී මුනි රාජා (හා..ආ....  ...//)

ආ දස බිම්බර මාර සේනා //
පෙරුම් බලෙන් පරදාලා //

බුද්ධගයා
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතලා

ප්‍රාතිහාර්ය පෑ දස බලධාරි
ප්‍රාතිහාර්ය පැ දස බලධාරි
ජයබිම මේ විසාලා
(හා..ආ....)
ප්‍රාතිහාර්ය පැ දස බලධාරි
ජයබිම මේ විසාලා

ශාසන ආලෙ ඇති ලෝ වාසී
ශාසන ආලේ
ශාසන ආලේ
ශාසන ආලෙ ඇති ලෝ වාසී
බව දුක නසනා සේ මා
බව දුක නසනා සේ මා
වදිනේමූ මෝක්ෂ පතාලා

සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment