Swara Wumaneta Eha Lokayen Song Lyrics - ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ගීතයේ පද පෙළ

Swara Wumaneta Eha Lokayen Song Lyrics - ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ගීතයේ පද පෙළ
Song Title : Swara Wumaneta Eha Lokayen (ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක
තනුව : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
ගැටවරයෝ චිත්‍රපටියෙන්


ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

රැල්ලේ පාවී වැල්ලේ බිහිවෙන
සංගීතෙන් අප හමුවෙනවා //
සැන්දෑ යාමේ පෙම් රස කලතා //
සාගර ජල කඳ නැළවෙනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

මුතු බෙලි කටු කිරිකවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා //
මගේ අනාගත පැතුම් විමානෙට //
සෙනෙහස පොදි බැඳගෙන එනවා

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment