Sapumal Suwadak Se Song Lyrics - සපුමල් සුවඳක් සේ ගීතයේ පද පෙළ

Sapumal Suwadak Se Song Lyrics - සපුමල් සුවඳක් සේ ගීතයේ පද පෙළ
Song Title : Sapumal Suwadak Se (සපුමල් සුවඳක් සේ)
ගායනය : අමරා රණතුංග
පද : දාය ද අල්විස්
තනුව : දයාරත්න රණතුංග


සපුමල් සුවඳක් සේ
සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවෙකු නෑ දුටුවේ
සපුමල් සුවඳක් සේ

හැන්දෑ වලාකුළේ
අටවක සඳමඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටුවේ
සපුමල් සුවඳක් සේ

ලොව නිදි අඳුරු පැයේ
සීපදයක් වැන්නේ
සවනත සනසා මා ළඟ උන්නා
රැය පමණයි දුටුවේ

සපුමල් සුවඳක් සේ
යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී උන්නා
ඇයි මුළු ලොව දුටුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment