Sandak Sadisi Landa Song Lyrics - සඳක් සදිසි ලඳක් ගීතයේ පද පෙළ

Sandak Sadisi Landa Song Lyrics - සඳක් සදිසි ලඳක් ගීතයේ පද පෙළ

Sandak Sadisi Landa Song Lyrics - සඳක් සදිසි ලඳක් ගීතයේ පද පෙළ
Song Title : Sandak Sadisi Landa (සඳක් සදිසි ලඳක්)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග
පද රචනය : ස්වර්ණදාස හේරත්
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


සඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන
අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන //

මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ //

ගියොත් කෙනෙකු යළිත් නො එන තැන ඇති කුඹුරක
පියා සීසායි මම බත ගෙනයමි හනිකට //

සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා //

පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි //

අමරා දේවී ඔබ අමරා දේවී (ආආආ ආ... ආආආ ආ... ආආආ ආ... ආආආ ආ...)
නැණවත් දේවී ඔබ අමරාදේවී

 අමරා දේවී ඔබ අමරා දේවී (ම්ම්ම් ම්... ම්ම්ම් ම්... ම්ම්ම් ම්... ම්ම්ම් ම්...)
නැණවත් දේවී ඔබ අමරාදේවී

අමරා දේවී ඔබ අමරා දේවී (ආආආ ආ... ආආආ ආ... ආආආ ආ... ආආආ ආ...)
නැණවත් දේවී ඔබ අමරාදේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment