Ran Hiru Karalle Song Lyrics - රන් හිරු කැරැල්ලේ ගීතයේ පද පෙළ

Ran Hiru Karalle Song Lyrics - රන් හිරු කැරැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Ran Hiru Karalle (රන් හිරු කැරැල්ලේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


නිල් තණ පියල්ලේ
පවනැලි තුරුල්ලේ
මුදු සැන්දෑ යාමේ

මල් තුරු සඳැල්ලේ
සන්සුන් කැදැල්ලේ
හැංගෙමු නිදැල්ලේ
නිල් වන රේඛාවේ

තරු රෑණ පායලා
මද සීත යාමයේ
සිත යාවි පාවෙලා
සිසිලේ සැළී

රන් හිරු කැරැල්ලේ
නිල් තණ පියල්ලේ
පවනැලි තුරුල්ලේ
මුදු සැන්දෑ යාමේ

මල් තුරු සඳැල්ලේ
සන්සුන් කැදැල්ලේ
හැංගෙමු නිදැල්ලේ
නිල් වන රේඛාවේ

වැතිරී නදී තෙරේ
මුදු සීත මීදුමේ
ඇකයේ වෙලී රැඳී
ඉමු පාළුවේ

රන් හිරු කැරැල්ලේ
නිල් තණ පියල්ලේ
පවනැලි තුරුල්ලේ
මුදු සැන්දෑ යාමේ

මල් තුරු සඳැල්ලේ
සන්සුන් කැදැල්ලේ
හැංගෙමු නිදැල්ලේ
නිල් වන රේඛාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment