Ma Nodithu De Song Lyrics - මා නොසිතූ දේ ගීතයේ පද පෙළ

Ma Nodithu De Song Lyrics - මා නොසිතූ දේ ගීතයේ පද පෙළ
Song Title : Ma Nodithu De (මා නොසිතූ දේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


සිතුවා සේ දැණුනාදෝ
මා නොකියූ දේ
කීවා සේ සිතුවාදෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ

ඇල් පවනේ යා වෙලා
මල් වියනේ පා නඟා
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ

මා නැති යාමේ
කොතැනක හෝ ඇදුනාදෝ
ඒ ඇසුරේදී
අන් දෑතේ වෙළුනාදෝ
සිත බිඳුනේ කවදාදෝ
සිත බිඳුනේ කවදාදෝ

ඇල් පවනේ යා වෙලා
මල් වියනේ පා නඟා
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ

ඒ සැන්දෑවේ
කඳුයායේ දොළ පාරේ
මා සෙවණේදී
තෙපලූ දේ ගොළුවීදෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ
සිත බිඳුනේ කෙලෙසින්දෝ

ඇල් පවනේ යා වෙලා
මල් වියනේ පා නඟා
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ
ලන්ද දිගේ හිනැහී එන්න ළ‍ඳේ

මිල්ටන් මල්ලවාරච්චි ගේ තැටිගත කළ පළමු ගී හතර. මෙම ගී හතර, නිකුත් වූයේ 1969 වසරේ දී තැටි දෙකක් වශයෙනි.Philips ලේබලයෙන් යුත් 78 rpm වේගයෙන් ධාවනය වන ග්‍රැමෆෝන් තැටි දෙකේ නිෂ්පාදන කටයුතු කළේ පැට්‍රික් කොරයා මහතායි.

තැටි අංක JVPC1016
1. මංගලේ නෙත් මංගලේ
2. ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

තැටි අංක JVPC1017
1. රන් කූඩුව ඔබ සෑදූ
2. සංසාරෙ සෙවණැල්ල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment